සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඥානසාර හිමියන් දඩුවම් විදින්නේ බෙදුම්වාදීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට රට තුළ කටයුතු කිරීම නිසයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaරට ජාතිය වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයින් දැඩි කණගාටුවකට පත්ව සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලඥයින් සතුව අවි ආයුධ 5000 කට වැඩි ප්‍රමාණයක් පවතින බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් අනාවරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙක් තම අවධානය යොමුකර නොමැති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට වඩා එම තත්ත්වය භයානක බවත් එම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති අතර ස්ථානමාරුවක් පමණක් ලබාදි ඔහුට නිදැල්ලේ සිටීමට ඉඩ සලසා ඇති බවත් මෙරට තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි මේ තුළින් දැඩි සැකයක් මතුවන බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි පවසා සිටියේ බෙදුම්වාදී පුද්ගලයින් තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නිසා ඥානසාර හිමියන්ට සිරදඩුවම් විදීමට සිදුව ඇති බවයි. වත්මන් දේශපාලඥයින්ට රටේ ඉදිරිය සම්බන්ධයෙන් කිසිදු දැක්මක් නොමැති අතර රට දිනෙන් දිනම අගාධයට යාම පමණක් සිදුවන බව පෙනීයන බවත් පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද සහභාගි වෙමින් අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට