සත්‍යයේ පුවත් අඩහැරය….

රේගුව තහනම් කළ පණුවන් සහිත ටින් මාළු වෙළදපොලේ, වගකිවයුත්තන් නිහඩයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaපාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ කොන්දේසි මත ආනයනකරුවන් වෙත මුදාහරින ලද පණුවන් සහිත ටින් මාළු මේ වන විටත් වෙළදපොලේ අලෙවිවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර ටින් මාලු පරිභෝජනයේදී සැළකිලිමත් වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අදාළ ටින් මාළු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකළේද යන්න සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසා සිටින බව මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල නොවූ බැවින් මෙරටට ආනයනය කරන ලද පණුවන් සහිත ටින් මාලු අංඩංගු බහාලුම් 74 ක් ආනයනකරුවන්ට මුදා නොහැරීමට පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා රේගුව විසින් තීරණය කරන ලද අතර එම ටින් මාළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා පාරිභෝගික කටයුතු අධිකාරිය වෙන වෙනම පරීක්ෂණ පැවැත්වූ අතර පසුව රේගුව මෙම ටින් මාළු පාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ කොන්දේසිය මත ආනයනකරුවන්ට මුදාහැර ඇති බවද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් අදාළ කොන්දේසියට පටහැනිව යමින් එම ටින් මාළු මේ වන විට රට පුරා අලෙවිවන බවට තොරතුරු ලැබී ඇති බවත් අදාළ පරීක්ෂණ පැවැත්වූ නිළධාරීන්ගේ ක්‍රියාකලාපය හා ඊට සම්බන්ධ ව්‍යාපාරිකයින්ගේ තොරතුරු නුදුරේදීම රටට ‌හෙළිකරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට