බස් ගාස්තු 4% කින් ඉහළට..
හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත. බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ප්‍රවාහන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත. අවම ගාස්තුවේ කිසිදු වෙනසක් නොකිරීමටද මෙහිදී තීරණය කර ඇති බව වාර්තා වේ.