ඉල්ලා අස්වන්නැයි ජනපති පොලිස්පතිට දන්වලා..?
සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ. ඉදිරි සති දෙකක කාලය තුළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙසද ජනාධිපතිවරයා පූජිත ජයසුන්දර මහතාට දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.