ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, අද (20) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට සහභාගි වන්නැයි පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්විමේ වැඩි අවධානයක් යොමුවනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.