සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතුයි – සමස්ත ලංකා වතුකම්කරු සංගමය

Podu Jana Peramunaජීවන ගැටළු රැසකට මුහුණ දී සිටින වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතුව ඇති අතර ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1281/- ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා වතුකම්කරු සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා විසිනි. වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා පවසා සිටියේ මෙම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් කිසිදු බලධාරියෙකු ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බවයි. වතුකම්කරුවන් සදහා සකස් කරන ලද ව්‍යවස්ථාව වසර 200 කටත් වඩා පැරණි ව්‍යවස්ථාවක් වන අතර එය සංශෝධනය කර වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කළයුතුව ඇති බවත් ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් සහ උපලේකම් ක්‍රිෂ්ණන් කලෙයි වෙල්ලෙයි යන මහත්වරුන්ද සහභාගි වෙමින් අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට