සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා , එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaනියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහැකි බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි ලුතිනල් කර්නල් එරන්ත පීරිස් මහතා අත්අඩංගුවට ගනිමින් වත්මන් ආණ්ඩුව තවත් රණවිරු දඩයමකට සූදානම් වෙමින් සිටින බවත් සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට