සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නියෝග කඩකර තිරිගු පිටි වැඩි මිලට අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaරජය විසින් පාලන මිලක් නියම කර තිබියදී එම නියෝග කඩකරමින් තිරිගු පිටි වැඩි මිලට අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලීමක් කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත යොමු කර ඇති ලිපියක මේ බව සදහන් කර ඇත.

අදාළ ලිපියෙහි තවදුරටත් දක්වා ඇත්තේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 20(5) වගන්ති යට‌ෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 2015 පෙබරවාරි 20 වන දින නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍ර අංක 1902/55 යටතේ ප්‍රසිද්ධ කරන ලද නියෝග අංක 31 ට අනුව තිරිගු පිටි (බහාලුම්) සදහා රුපියල් 87 ක පාලන මිලක් නියමකර තිබියදී අධිකාරියේ අනුමැතියකින් තොරව 2018 සැප්තැම්බර් 01 දා සිට තිරිගු පිටි කිලෝ එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ප්‍රීමා ලංකා සමාගම කටයුතු කොට ඇති බවයි. වතුකරයේ මෙන්ම රටේ සියළු ජනතාවට සහනයක් සැලසීම සදහා 2015 වසරේදී තිරිගු පිටි සදහා මෙම පාලන මිල නියම කර ඇතත් එම නීතිය කඩකරමින් කටයුතු කර ඇති වෙළදුන්ට එරෙහිව වහාම නීති නිසි පිරිදි ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට