දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට..
දූෂණ විරෝධී බලකායේ සාමාජික නාමල් කුමාර නැමැති අය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ සාමාජික නාමල් කුමාර නැමැති අය විසින් කරුණු හෙළිකිරීමෙන් පසුව මේ වන විට රටතුළ එය දැඩි කාථාබහට ලක්වෙමින් පවතියි.