බුලත් විටත් උඩ යයි..
මෙතෙක් රුපියල් 30 කට අලෙවි වූ බුලත් විටක් රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බුලත් විට අලෙවිකරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට පුවක් ගෙඩියක තොග මිල රුපියල් හතරක් දක්වා ඉහළ ගොස් ඇති අතර බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙසේ බුලත් විටක මිල ඉහළ දමා තිබේ.