අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (25) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන කිහිපයක උදෑසන කාලයේ වැසි ඇතිවනු ඇති අතර ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල ප්‍රදේශ කිහිපයකද වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.