පිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම, තරුණයින් දෙන්නෙක් හදුනාගෙන..
පිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තරුණයින් පිරිසෙන් දෙදෙනෙකු හඳුනාගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඉතිරි පිරිසද අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදුකරන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.