සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටතුළ ඖෂධ මාෆියාවක් ඇතිවෙමින් පවතින බැවින් සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට දුක් විදින ජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකරමින් මෙරටට ඔෟෂධ ප්‍රතිපතිත්යක් හදුන්වාදීමට කටයුතු කරන ලද මහාචාර්ය සේනක බිබිලේ මහතා වෙනුවෙන් ගුණනුස්මරණ උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.අද (26) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් මේ වන විට ඖෂධ මිල පහළ දැමීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියද සිදුව ඇත්තේ ඖෂධ මිල පහළ යාම නොව ඖෂධ සදහා පාලන මිලක් පැනවීම පමණක් බවයි.

මේ ආකාරයට ඖෂධ මිල පහළ යාම ඉතා සුළු වශයෙන් සිදුවීම නිසා රටතුළ ඖෂධ මාෆියාවක් ඇතිවෙමින් පවතින බැවින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිය අහෝසිකර, සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට