නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක හමුවට..
මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් සිදුකෙරෙන කඩහඩ පරීක්ෂාවක් සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (28) රජයේ රස පරික්ෂකවරයා ඉදිරියේ පෙනී සිටීමට නියමිතව ඇත. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ඊයේ (27) ලබාදෙන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාලක ද සිල්වා මහතා අද පෙරවරු 10 වන විට රජයේ රස පරික්ෂකවරයා හමුවට යොමුකිරීමට නියමිතව ඇත.