නීතිය, සාමය සහ ආරක්‍ෂක අමාත්‍යංශ සදහා නව ලේකම්වරු..?
අමාත්‍යංශ දෙකක් සදහා නව ලේකම්වරුන් පත්කිරීමේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් අදාළ තනතුරු වලින් ඉවත් කර නව ලේකම්වරුන් දෙදෙනෙකු පත්කෙරෙනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සදහා විදෙස් ගතව සිටින බැවින් ඒ මහතා යළි මෙරටට පැමිණීමෙන් පසු අදාළ පත්කිරීම සිදුකෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.