සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාදිනල්තුමාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, අමාත්‍ය මංගල සමරවීර සිදුකරන ලද අදහස් දැක්වීම තරයේ හෙළා දකිනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaකොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම තරයේ හෙළා දකින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ කිසිදු ආගමකට හෝ ආගමික නායකයෙකුට අගෞරව කිරීමට කිසිදු දේශපාලඥයෙකුට නොහැකි බවයි.

කාදිනල්තුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්, අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම ආණ්ඩුවේ ස්ථාවරයදැයි විමසා සිටින බවත් සමලිංගික සේවන පනත සම්මත කරගැනීමට මංගල සමරවීර අමාත්‍යවරයා දරණ ලද උත්සහයට එරෙහිව කාදිනල්තුමා විසින් අදහස් දැක්වීම නිසා එතුමාට එරෙහිව අමාත්‍යවරයා මේ ආකාරයට අදහස් දක්වමින් සිටින බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් තවදුරටත් පවසා සිටින ලදී. පසුගියදා රටට හෙළිවූ ජනපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ දැනනොසිටියේ මන්දැයි විමසා සිටීමට සිදුවන අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මීට පෙර පවසා සිටි අන්දමට මෙරට බුද්ධි අංශ අකර්මණයවී ඇති බව ඉන් මනාව ගම්‍ය වන බවද සුදත්ත හිමියන් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සහ මාධ්‍ය සම්බන්ධීකාරක අචාර්ය දිලන්ත විතානගේ මහතා ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට