සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි ඝාතන සැලසුම පිටුපස දේශපාලන බලයක් පවතිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මෙන්ම පොලිස්පතිවරයා ආරක්ෂාකිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් ඊයේ (27) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලවා පොලිසිය පාලනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කටයුතු කරමින් සිටින අතර එම අමාත්‍යංශය භාරව මේ වන විට කටයුතු කරන රංජිත් මද්දුමබණ්ඩාර මහතාට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවයි.

ජනාධිපතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දියත් වෙමින් පවතින ඝාතන සැලසුම් පිටුපස දේශපාලන බලයක් පවතින බවත් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට ගෙන පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවත් දිසානායක මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ වත්මන් පොලිස්පතිවරයා අදාළ තනතුරෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරියේදී කටයුතු කරනු ඇති අතර ඊට තම කණ්ඩායම ද සහය ලබාදෙන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට