වාහන වෙළදපොළ කඩා වැටීමේ අවදානමක් මතුවෙලා – වාහන ආනයනකරුවන්ගේ සංගමය
ආනයනය සීමාවී, වාහන මිල ගණන්ද ඉහළ ගොස් නුදුරේදීම තමන් දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටියි. මේ වන විට රටුතුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය ඊට හේතු වී ඇති බවත් වාහන සම්බන්ධයෙන් මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදන තුළින් මෙම තත්ත්වය ඇතිවනු ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.