ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි..
ලෝක ළමා හා වැඩිහිටි දිනය අද (01) දිනට යෙදී ඇත. “මානව අයිතීන් දිනා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයින් අභිමානයෙන් සුරකිමු” යන්න මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී ඇති අතර “ දිරියෙන් පෙරට යන්න – ළමා කැළට සවිය දෙන්න” ලෝක ළමා දිනයේ තේමාව ලෙස නම් කර ඇත. ඒ අනුව මෙවර ලෝක ළමා දිනයට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.