“ආවා” කල්ලිය වවුනියාවේ අත්පත්‍රිකා බෙදලා..
“ආවා කල්ලිය” ලෙස සඳහන් කරන ලද අත්පත්‍රිකා රැසක් ඊයේ (01) වව්නියාව නගරය තුළ දමා ගොස් ඇති බව වාර්තා වේ. මුහුණ වසා ගත්, පිහියක් අතින් රැගත් පුද්ගලයෙකුගේ රුව සහිතව “අපි ජනතාවගේ ගැටළු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා” යනුවෙන් සදහන් කර අදාළ අත්පත්‍රිකාව මුද්‍රණය කර ඇත.