පිදුරංගලදී අඩනිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැරීම, තරුණයින් තිදෙනා යළි රිමාන්ඩ්..
පිදුරංගල විහාරස්ථාන භූමියේදී අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම තරුණයින් තිදෙනා ලබන 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.