වතු කම්කරු වැටුප වැඩි නොකළොත් දැඩි ක්‍රියාමාර්ග දියත් කරනවා – ලංකා ජාතික වතු කම්කරු සංගමය
සෑහීමකට පත්විය හැකි ලෙස වැටුප් වැඩිවීමක් සිදුනොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට වතුකම්කරුවන්ට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංගමය අනතුරු අගවා සිටියි. ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් මේ බව සදහන් කර ඇත. ඔක්තෝබර් 14 වන දා වන විට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කළයුතුව ඇති බවද වඩිවේල් සුරේෂ් මහතා වැඩිදුරටත් පවසා ඇත.