සත්‍යයේ පුවත් අඩහැරය….

මගී ජනතාව රවටා ඉහළ දැමූ දුම්රිය ගාස්තු වහාම පහත හෙළන්න, නැත්නම් විරෝධතා දියත් කරනවා, දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය අනතුරු අගවයි..

Podu Jana Peramunaමගී ජනතාව රවටමින් ඉහළ දැමීමට කටයුතු කර ඇති දුම්රිය ගාස්තු වහාම පහත හෙළන්නැයි ඉල්ලා සිටින අතර එසේ සිදුනොකරන්නේ නම් විරෝධතා දියත් කරන බවට දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය අදුරත්විල චන්ද්‍රජෝති හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී.

15% කින් දුම්රිය ගාස්තු ඉහළ දමන බව පැවසුවද ඇතැම් ගාස්තු 35% කින් සහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තු 60% කින් පමණද ඉහළදමා ඇති බවත් පූජ්‍ය අදුරත්විල චන්ද්‍රජෝති හිමියන් මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටින ලදී. රට තුළ මේ වන විට උද්ගතව ඇති දැඩි මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස මෙසේ අසාධාරණ ලෙස දුම්රිය ගාස්තු ඉහළදැමීමට බලධාරීන් කටයුතු කර ඇති නමුත් දුම්රිය සේවාව යනු මහජන සේවාවක් බවත් සිය අදහස් දක්වමින් පූජ්‍ය අදුරත්විල චන්ද්‍රජෝති හිමියන් තවදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට