මෛත්‍රී – මහින්ද එක්කිරීමට වාසු සහ දයාසිරි පෙරමුණ ගනියි..
වත්මන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කිරීම සදහා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදමින් තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් විසින් අදාළ සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.