සත්‍යයේ පුවත් අඩහැරය….

සිල් රෙදි නඩුව, අභියාචනය සලකා බැලීමට දින නියම වෙයි..

Podu Jana Peramunaරජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වන විට සිරදඩුවම් නියමව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් අදාළ චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනාව ලබන 12 වනදා කැඳවන්නැයි අභියාචනාධිකරණය විසින් අද (05) නියෝග කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී සිල් රෙදි බෙදාහැර රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කර නීතිපතිවරයා විසින් ගොනුකරන ලද නඩුවකට අනුව ඉහත දෙදෙනා වරදකරුවන් කරමින් දඩුවම් පැමිණවීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කරන ලදී.

අදාළ දඬුවම් නියම කිරීමේ ක්‍රමවේදය නීතිවිරෝධී බැවින් තමන්ව ඉහත චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අභියාචනයෙන් ඉල්ලා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට