සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිග වැටුප් නොගෙවීමෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි අසාධාරණයට ලක්වෙලා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramuna2014 වර්ෂයේ හදුන්වාදෙන ලද ගුරු විදුහල්පති සේවා ව්‍යවස්ථාවන්ට අනුව ගුරු විදුහල්පතිවරුන්ට මාස 30 ක හිග වැටුප් ගෙවීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති අතර ඒ තුළින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි අසාධාරණයට ලක්ව සිටින බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මේ දක්වා මෙරට පාලනය කරන ලද කිසිදු ජනාධිපතිවරයෙක් හෝ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණදී ඇති වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදීමට කටයුතු කර නොමැති බවයි.


රටතුළ ආර්ථික අර්බුදයක් මතුව තිබියදී නිසි වැටුපක් නොලබන ගුරුවරුන්ද එම අර්බුදයට මුහුණදී සිටින බැවින් වහාම ගුරු විදුහල්පති ගැටළු සදහා විසදුම් ලබාදීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එසේ විසදුම් නොලැබුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර විරෝධය පළකිරීමට කටයුතු කරන බව ද මහින්ද ජයසිංහ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සේවා සංගමයේ සාමාජිකයින් ධම්මික අලහප්පෙරුම, ලාල් කුමාර සහ ගයාන් සංගීත් එදිරිසිංහ යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට