කළුතර නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීලා, එකම පවුලේ 04 ක් රෝහලේ..
නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා කළුතර ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු රෝහල් ගතකිරීමට සිදුව ඇති බව වාර්තා වේ. කළුතර, නෑබඩ, උඩෝවිට ප්‍රදේශයේ නිවාස දෙකක් මතට අද (07) අළුයම් කාලයේ මෙම පස්කන්ද කඩාවැටී තිබේ. මෙම අනතුරින් එකම පවුලට අයත් අවුරුදු හයක ගැහැණු දරුවෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලැබීම නිසා ඔවුන් ප්‍රතිකාර සදහා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.