ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණාත්මක සාකච්ඡාවක..
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මේ වන විට යෝජනා වී ඇති සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද උදෑසන කාලයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ද සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ. ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.