වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්..
අද (10) දිනෙන් නිල කාලය අවසන් වන වයඹ පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇත. මධ්‍යම පළාත් සභාවේ නිල කාලයද පසුගියදා අවසන් වූ අතර සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභාවල නිල කාලයද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය. උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වනදා අවසන් වීමට නියමිතව ඇති අතර දකුණ, බස්නාහිර සහ ඌව යන පළාත් සභාවල නිල කාලය ලබන වසරේ අවසන් වනු ඇත.