සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

භික්ෂූන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය දේශපාලඥයින්ට නෑ, රටේ නීතිය විශ්වාස කළ නොහැකියි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaබෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය, මෙරට දේශපාලඥයින් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන බවත් මෙවැනි වාතාවරණයක් යටතේ රටේ නීතිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසිනි.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රසිද්ධියේ අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මියට මෙන්ම තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අධිකරණය විසින් ඇප ලබාදුන්නද රට ජාතිය වෙනුවෙන් පෙනීසිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට අධිකරණය කටයුත නොකළ බවයි. යම් වරදක් සම්බන්ධයෙන් අධිකරණයෙන් චෝදනා ලැබූවෙකුට ඇප ලබාගත හැකි ක්‍රම දෙකක් මේ වන විට රටතුළ ක්‍රියාත්මක වන බවත්, නළලෙහි තිලකයක් තිබීම ඉන් පළමුවැන්න වන අතර දෙවැනි ක්‍රමය නම් සාරියක් පැළද සිටීම බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සිවුරක් නොව සාරියක් පැළද සිටියේ නම් උන්වහන්සේට මේ වන විට ඇප හිමිව තිබෙනු ඇති බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

ඥානසාර හිමියන්ට සාධාරණයක් ඉටුකළ හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් වන බැවින් විදෙස්ගතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් තමන් ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයාට සමාව දීමට හැකිනම් ඥානසාර හිමියන්ට සමාව දීමටද ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් සුදත්ත හිමියන් වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයින් වන පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමියන් සහ ආචාර්ය දිලන්ත විතානගේ මහතාද සහභාගි වන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට