ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද..
රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පස්වරුවේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙනු ඇත.