සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික සම්පත් විදෙස් රටවලට විකුණමින් සිටින වත්මන් ආණ්ඩුවේ අරමුණ බෙලහීන ආර්ථිකයක් ගොඩනැගීමයි – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaබදු බර සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට ජනතාව කබලෙන් ලිපට වැටී ඇති අතර වත්මන් පාලනය හමුවේ වේලක් හැර වේලක් ආහාරයට ගැනීමට ජනතාවට සිදුව ඇති තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසා සිටියි. ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් දක්වන ලද්දේ ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටේගොඩ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ගොවියා, ධිවරයා ඇතුළු වැඩකරන ජනතාව මෙන්ම මෙරට වෘත්තිකයින් මත තවදුරටත් බදු පැනවීමට මෙන්ම රටට අදායම් උපයා දෙන ප්‍රභවයන් ඇතුළු ජාතික සම්පත් විදෙස් රටවලට විකුණාදමමින් බෙලහීන ආර්ථිකයක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

ජාතික වෙළද ප්‍රතිපත්තියකින් තොරව රටට දැඩි ලෙස අහිතකර විවිධ ගිවිසුම් වලට එළඹීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරමින් සිටින අතර එසේ අත්සන් තබන ලද සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම, මෙරට භාණ්ඩ හා සේවා අංශ ඇතුළු රටේ සෑම අංශයක් කෙරෙහිම දැඩි අහිතකර බලපෑමක් එල්ල කර ඇති අතර පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ජීවිතයට මනා පිටුවහලක් වූ සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද කේසර කෝට්ටේගොඩ මහතා තවදුරටත් පවසා සිටින ලදී. සේවක අර්ථසාධක අරමුදල සදහා ධවල ප්‍රතිකාවක් ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරන්නේ වැඩකරන ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට නොව ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට බවද කෝට්ටේගොඩ මහතා තවදුරටත් පවසා සිටින ලදී. වත්මන් ආණ්ඩුවේ ආර්ථික උගුල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉදිරියේදී වැඩසටහන් රැසක් පවත්වන බවත් එම වැඩසටහන් පවත්වා අවසානයේදී කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවද කෝට්ටේගොඩ මහතා සිය අදහස් පළකරමින් වැඩිදුරටත් කරුණු අනාවරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට