සත්‍යයේ පුවත් අඩහැරය….

රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට නම් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ තවමත් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaමෙරට ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහය ලැබී ඇත්තේ ජාත්‍යන්තරයේ වුවමනාවන්ට අනුව ආණ්ඩුව කටයුතු කිරීම නිසා බවත් රට පත්ව ඇති අගාධයෙන් ගොඩඒමට නම් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ තවදුරටත් පවසා සිටියේ ජාත්‍යන්තර දිනාගත් බවට උදම් අනන ආණ්ඩුවට ජනතාව දිනාගැනීමට මෙතෙක් නොහැකිව ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද්දේ විශාල වරදක් බවත් එම වරද නිවැරදි කරගැනීම සදහා මේ වන විට කදිම අවස්ථාවක් උදාවී ඇති බවත් ඒ සදහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන් ඉවත්කරගත යුතුව ඇති බවද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ රට තුළ කෘෂිකර්මාන්තය මේ වන විට දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ තුළින් ගොවි ජනතාවගේ ජීවිතද දැවැන්ත පීඩනයකට පත්ව ඇති බවයි.

මෙම අවස්ථා සදහා ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද සහභාගි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට