නීතිවිරෝධී ආකාරයට දුම්වැටි 12,000 ක් මෙරටට ගෙනආ චීන ජාතිකයා අත්අඩංගුවට..
නීතිවිරෝධී ආකාරයට දුම්වැටි 12,000 ක් මෙරටට රැගෙන එමින් සිටි චීන ජාතිකයෙක් අද (13) උදෑසන කටුනායක, ජත්‍යන්තර ගුවන් තොටුපොළේ අත්අඩංගුවට පත්වූ බව ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද පෙරවරු 06.00 ට පමණ මෙම චීන ජාතිකයා අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ සමග අත්අඩංගුවට පත්ව ඇති නීතිවිරෝධී දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 06 ක් පමණ වන බවද රේගු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.