අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (15) දිනයේ සවස් කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්ට වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.