සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුවත් අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියේ අරමුදල් කොල්ලකෑම සිදුකළහොත් දැඩි විරෝධතා දියත් කරනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaමෙරට මෙන්ම දකුණු ආසියාවේ විශාලතම ණය දෙන සමිතිය වන අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියට සීඝ්‍ර දියුණුවක් අත්කර දුන් එහි වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින්, එම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට යම් පිරිසක් විසින් කටයුතු කර ඇති බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරී මණ්ඩලය සාමාජික ඡන්දයෙන් 2016 වසරේදී පත්වූ බවත් එම පිරිස ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරන පිරිසක් වන අතර එතෙක් වල්වැදීමට ලක්ව තිබූ අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියට දැවැන්ත දියුණුවක් අත්කරදීමට එම පිරිසට හැකිවූ බවයි. කෙසේ වෙතත් අලලස් සහ විනය කඩකිරීම් චෝදනා එල්ලවී ඇති අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියේ සේවකයින් පිරිසක් පසුගිය දිනෙක සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ගොස් සාකච්ඡාවක් පවත්වා වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින්, අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට පසුගියදා කටයුතු කරන ලද බවයි.

එම අධිකරණ නියෝගයත් සමග අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියේ සාමාජිකයින් මේ වන විට දැවැන්ත ගැටළු රැසකට මුහුණ දී ඇති බවත් මෙම තත්ත්වයට වත්මන් ආණ්ඩුව සෘජුව වගකිවයුතුව ඇති බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියේ අරමුදල් කොල්ලකෑම සිදුකළහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතා දියත් කිරීමට කටයුතු කරන බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම සහ සාමාජික ඩී.එම්.කේ වීනස් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට