සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව, ද්‍රවිඩ ජාතික සන්ධානයට ලබාදුන් පොරොන්දු මොනවාදැයි වහාම රටට හෙළිකළ යුතුයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaආණ්ඩුව බලයට පැමිණීමේදී තමන්ට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුනොකිරීම නිසා මෙවර අයවැයට සහය නොදෙන බවට පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ අදාළ ප්‍රකාශයට අනුව එසේ ද්‍රවිඩ ජාතික සන්ධානයට ලබාදී ඇති පොරොන්දු කවරේදැයි වහාම හෙළිකරන්නැයි ආණ්ඩුවට බලකර සිටින බවයි. උතුරට එක් ආකාරයකටත්, නැගෙනහිරට තවත් ආකාරයකටත් සහ දකුණට වෙනත්ම ආකාරයකටත් රටේ නීතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් පෙනී සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් යන මහත්වරුන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි විමසා සිටින බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි තවදුරටත් පවසා සිටින ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් එක්ව මේ වන විට නාට්‍ය පිටපත් සකස් කරමින් සිටින බවත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය, එහි එක් නාට්‍ය පිටපතක් බවත් සිය අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි වැඩිදුරටත් අනාවරණය කර සිටින ලදී.

රටේ ගැටළු යටපත් කිරීම සදහා ආණ්ඩුව මෙවැනි රගපෑම් කරමින් සිටින අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස උන්වහන්සේගේ මෑණියන් විසින් කරන ලද අහිංසක ඉල්ලීම, පියෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත නොදනමනු ඇතැයි සිතන බවත් සුදත්ත හිමි තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ආචාර්ය දිලන්ත විතානගේ මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට