එජාප නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශමල් සෙනරත් පත්වේ…
එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්වී ඇති අතර ඒ මහතා අද (18) දින සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. අදාළ පත්වීම් ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ඒ මහතා වෙත බාර දීමට කටයුතු කර ඇත.