කථානායක විසින් අද “සෙත්සෙවන” වැඩිහිටි නිවාසය විවෘත කෙරේ…
මිරිගම “සෙත්සෙවන” වැඩිහිටි නිවාසය විවෘත කිරීම සහ මිරීගම ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම අද (19) දින ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාව සදහා සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගී වීමටද නියමිතව ඇත.