සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවේ…

Podu Jana Peramunaපසුගිය දින ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) දින නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්තේ 2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බවත් එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමා තුළ හෝ ශ්‍රී ලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට කිසියම් හෝ හේතුවක් මුල්විණි නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවද එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා, ව්‍යාපෘති පාමාවීම සම්බන්ධව තමාගේ ද දැඩි සැලකිල්ල යොමු වී ඇති බවත්, ව්‍යාපෘති කඩිනම් කරලීම සම්බන්ධව සුදුසු පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය. 2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත් වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා, තමන්ගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය බව අවධාරණය කර ඇත.

ආර්ථික, සංස්කෘතික හා ආරක්‍ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු, නොබිඳෙන සමීප සම්බන්ධතාවය අතිශය වැදගත් බව ද ඔහු පෙන්වා දී ඇත. ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූළව සියළු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ද එහිදී මෝදි මහතා සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව හා සම්බන්ධ දූෂණ මැඩ පැවැත්ලීම සඳහා සහය ලබා දෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඩලීම පිළිබඳ ව්‍යාපෘතිය සම්බන්ධ අත්දැකීම් රැසක් ඇත්තෙක් බැවින් ආරම්භයක් ලෙස ඔහු සමග සාකච්ඡා අරඹන ලෙස මෝදි මහතා දැනුම් දුන්නේය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, නියෝජ්‍ය මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට