පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කිරීමට ජීප් රථ 750 ක් ඉන්දීය රජයෙන්…
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) දින නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හමුවිය. එහිදී ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව හේතුවෙන් දෙරටටම ප්රතිලාභ රැසක් අත්ව ඇති බව සාකච්ඡා කර ඇති අතර පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා සහය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇත.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් හා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇත.