මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී වෙඩිතැබීමක්, පුද්ගලයෙකු මරුට..
මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අද (22) උදෑසන කාලයේ මාතර, ඌරුබොක්ක, හුලංකන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හට වෙඩිතබා ඇති අතර තුවාලකරු හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.