දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස සී.ජේ.පී සිරිවර්ධන මහතා පත්කෙරේ..
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32 කට වැඩි අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියකු වන අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශයක් මත කැබිනට් මණ්ඩලය විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.