නව ඇමතිවරුන් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි..
නව කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (31) දිනයේදී දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකිරීමට නියමිතව ඇත. පසුගියදා පත්කරන ලද නව අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සදහා නව ලේකම්වරුන් ද පත්කර තිබේ. අදාළ පත්කිරීම් ඊයේ (30) ජනාධිපතිවරයා විසින් සිදුකර ඇත.