ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..
නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර වත්මන් ආණ්ඩුව පිහිටවූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) පළමු වරට රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙනු ඇත. මේවන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.