සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුව කැදවා බහුතරය කාහටදැයි ඔප්පුකර රටේ අර්බුදකාරී දේශපාන වාතාවරණයට විසදුම් ලබාදිය යුතුයි – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

Podu Jana Peramuna19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා සතුව පැවති අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉවත්කිරීමේ බලය සීමාවූ බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වෘත්තිකයෝ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ විට අග්‍රාමාත්‍යධූරයද අහෝසි වන බවට තර්කයක් ගොඩනැගුන ද පසුගිය මහ මැතිවරණයේදී වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ එසේ ජාතික ආණ්ඩුවක් ගෙඩනැගීමට පෙර බැවින් ජාතික ආණ්ඩුව අහෝසිවුවද රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කළහැකි බවයි.

වහාම පාර්ලිමේන්තුව කැදවා බහුතරය පවතින්නේ කාහටදැයි ඔප්පුකර රට තුළ මේනවන විට උද්ගතව ඇති අර්බුදකාරී දේශපාන වාතාවරණයට විසදුමක් ලබාදීමට කටයුතු කළයුතුව ඇති බවත් ජයම්පති වික්‍රමරත්න මහතා තවදුරටත් පවසා සිටියි. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ අචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් සිය ධූර කාලය අවම කිරීමට කටයුතු කරන බව පැවසූව යළි ජනාධිපතිධූරයට පත්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කැමැත්තක් ඇතිව තිබෙන්නේ දැයි සැකයක් මතුවන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සමාජික ආචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමි ඇතුළු හිටපු සභාපති අචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ජාතික නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ නිලාන් අමරකෝන් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට