සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුව ජනතාවට සහන රැසක්, ඉන්ධන මිල පහළට..

Podu Jana Peramunaනව ආණ්ඩුව ජනතාව සදහා සහන රැසක් ලබාදීමට තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත හෙළා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසා සිටියි. මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින්ද පහත දමා තිබේ. අදාළ මිල පහත දැමීම සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116 ක් වේ. එමෙන්ම පසුගිය ආණ්ඩුව විසින් පනවන ලද බදු රැසක් සංශෝධනය කර තිබේ.

මූල්‍ය ආයතනයක් තුළ පවත්වාගෙන යනු ලබන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කිරීමට තීරණය කර ඇත. දේශීය ව්‍යාපාරිකයින්, වෘත්තිකයන් සහ විදෙස් රටවල සේවය කරනු ලබන්නන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. වැට් බද්දට යටත් වන සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 දක්වා වැඩි කර ඇත. තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වන සීමාව වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළ දමා ඇත.

ඉරන ලද දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. ආනයනික රෙදිපිළි මත පනවා ඇති වැට් බද්ද ඉවත් කර ඇත. එමෙන්ම දුරකථන සේවාවන් සඳහා පනවා ඇති 25% ක් වන විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා පහළ දමා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට