සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය ආණ්ඩුවට ඵල දුන්නේ භික්ෂුන් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමේ පාපයයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaතවදුරටත් අග්‍රාමාත්‍යධූරයේ රැදීසිටීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ලැජ්ජාවකින් තොරව ජත්‍යන්තරයේ සහය ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා, කිහිපවතාවක් අග්‍රාමාත්‍ය ධූරයට පත්වුවද අඛණ්ඩව එය පවත්වාගෙන යාමට ඒ කිසිදු අවස්ථාවක නොහැකි වූ බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (01) රාජගිරිය, සද්ධර්මරාජික විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් විසිනි.

වැඩිදුරටත් අදහස් පළකරමින් උන්වහන්සේ පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙරට අභ්‍යන්තර කටයුතු සදහා විදෙස් රටවල් මැදිහත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා වශයෙන් දැඩි විරෝධය පළකරන අතර ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සදහා මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තරයෙන් මෙන්ම විදෙස් තානාපතිවරුන්ගෙන්ද ඉල්ලා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසා සිටියේ රට දැය වෙනුවෙන් පෙනීසිටි භික්ෂූන් වහන්සේලා මෙන්ම බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන සිරගතකිරීමේ පාපය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන්ට මේ වන විය ඵලදී ඇති බවයි.

මෙම අවස්ථාවට සහභාගිවූ බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසා සිටියේ පසුගිය රජය සමයේ රටතුළ ඇතිවූ ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් වන චෝදනාව තම සංවිධනනයට එල්ල කිරීමට එම ආණ්ඩුව විසින් උත්සහ කළද එම ගැටුම් ඇතිකරන ලද්දේ බොදු බල සේනා සංවිධානය නොව රටේ දේශපාලනය විසින් බවයි. අලුත්ගම, තෙල්දෙණිය සහ ගිංතොට යන ප්‍රදේශයන් තුළ ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම් පිළිබද විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටින බවත් රට වෙනුවෙන් තීරණ ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට