සහය දෙන්නේ කාටද?, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අවසන් තීරණය අද..
තමන් සහය දෙන්නේ කුමන් පාර්ශවයටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සදහා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය අද (05) විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර පවතින දේශපාලන තත්ත්වය පිළිබදව අවධානය යොමුකර සිය සහාය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයටද නොඑසේනම් එක්සත් ජනතා නිදහස් සන්ධානයටද යන්න පිළිබදව මෙහිදී අවසන් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසා සිටියි.