සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීරණය ජනතා බලාපොරොත්තු සුන්කර දැමුවා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Podu Jana Peramunaපසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය තුළ ඇතිවූ විවිධාකාරයේ සිදුවීම් වලින් පීඩාවට මෙන්ම අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකරවා ගැනීමේ අරමුණින් යහපාලන ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කළද ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය, එම බලාපොරොත්තු සුන්කර දැමූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුෙවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්වීම තුළින් ඒ මහතාගේ පාලන සමය තුළ විවිධ පීඩාවන්ට ලක්වූ ජනතාව නැවතත් එවැනිම තත්ත්වයකට පත්වනු ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අනිසි දීගයක යාමට තීරණය කිරීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය බිදීගිය බවත් නැවතත් රටතුළ බිහිසුණු පාලනයක් ඇති නොකොට ප්‍රජාත්න්ත්‍රවාදය අරක්ෂා කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද සුදේශ් නන්දිමාල් මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් පළකරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය කර සිටියේ ගණිකාවන් ලෙස කටයුතු නොකර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙනආවේ සත්‍යය සහ යුක්තිය ඉටුකරවා ගැනීමට මිස විධායක බලය ගණිකා වෘත්තියේ යෙදවීමට නොවන බැවින් අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සදහා ගන්නා ලද අත්තනෝමතික තීරණය වහාම ආපසු හැරවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කර සිටින බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා නව සම සමාජ පක්ෂයේ නායක අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජික ප්‍රසංග ප්‍රනාන්දු සහ එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට